42.31%
17.27%
32.76%
October 5, 2024

ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්ප­තක් ලබාගැනීම සම්බ­න්ධ­යෙන් හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රි­යක වූ ඩයනා ගමගේට විරු­ද්ධව පවරා ඇති නඩු­වට අදාළ නඩු භාණ්ඩ ලබන නොවැ­ම්බර් 04 වැනි දා උසා­වි­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න ඊයේ (04) නියෝග කළේය.

මහා­ධි­ක­රණ ඝෝෂ­ක­ව­රිය විසින් නයනා සම­න්මලී නොහොත් ඩයනා නටාෂා කැකු­ණ­දුර නොහොත් ඩයනා ගමගේ යනු­වෙන් විත්ති­කා­රි­යගේ නම අඬ­ග­සන ලද අව­ස්ථාවේ හිටපු සංචා­රක ඇමැ­ති­ව­රිය වූ ඩයනා ගමගේ පෙනීසිටි­යාය.

ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යකු නොවන බව දැන දැනම ඩයනා ගමගේ යනු­වෙන් විත්ති­කා­රි­යගේ නම නීත්‍ය­නු­කූල ලෙස සංශෝ­ධ­නය කර නොති­බි­යදී, එම නම සඳ­හන් හැඳු­නු­ම්ප­තක් ලබාගැනීම සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් රැව­ටීමේ අද­හ­සින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛ­න­යක් පාන­දු­රේදී හෝ කොළඹ දි සකස් කිරීම, ඒ සඳහා අනු­බල දීම යන වරද සඳහා නඩු පවරා තිබේ.

විත්ති­කා­රිය එම හැඳු­නු­ම්පත 2004 වසරේ ඔක්තෝ­ම්බර් 09 වැනි දා සහ දෙසැ­ම්බර් 01 වැනි අතර කාලය තුළදී ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට ඉදි­රි­පත් කර විදේශ ගමන් බල­පත් ලබා ගෙන ඇත.

විත්ති­කා­රි­යට එරෙ­හිව නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා 3ක් යටතේ දණ්ඩ නීති සංග්‍ර­හයේ 32, 102, 457, 459 යන වගන්ති යටතේ 2024 වසරේ ජූනි 06 වැනි දා චෝදනා ගොනු­කර තිබේ.

නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා පත්‍ර­යට සමඟ සාක්ෂි ලේඛ­න­යක් ඉදි­රි­පත් කර ඇත.

එහි පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වකු ලෙස ඩයනා ගම­ගේට විරු­ද්ධව මුල් පැමි­ණිල්ල කළ සමාජ ක්‍රිය­කාරී ඕෂල හේරත්, නියෝජ්‍ය ආග­මන විග­මන පාල­ක­ව­රයා ඇතුළු පිරි­සක් නම් කර තිබේ.

මෙයට අම­ත­රව 2004 වසරේ නොවැ­ම්බර් 22 වැනි දා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දුන් අංක 4683 හා 4685 දරන උප්පැන්න ලියා­ප­දිංචි කිරීමේ ලේඛන, ආග­මන විග­මන බල­පත්‍ර දෙකක් ඇතුළු ලේඛන රැසක් සාක්ෂි ලෙස ඉදි­රි­පත් කර තිබේ.

ඊයේ (04) මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න ඉදි­රියේ නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ මෙම චෝද­නාව සම්බ­න්ධ­යෙන් අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ නඩු භාණ්ඩ මහා­ධි­ක­ර­ණ­යට භාර දී නැති බව වාර්තා විය. (දිනමිණ)

42.31%
17.27%
32.76%