Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ.
ඩයනා ගමගේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු බවත්, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඇයට අයිතියක් නොමැති බවත්, ප්‍රකාශ කරන ක්වෝ වොරන්ටෝ (Quo Warranto) ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය අභියාචනයේ දී ඉල්ලා ඇත.
විනිසුරු කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපතිගේ එකඟත්වය මත, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඔක්තෝම්බර් 31 වැනිදා ඔහුගේ තීන්දුවේ සඳහන් කළේ, නඩුවේ යෝග්‍යතා අනුව රිට් ආඥාවක් නිකුත් කිරීම අවශ්‍ය නොවන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති රීතිවලට අනුකූලව තොරව පෙත්සම්කරු මෙම පෙත්සම ගොනුකර ඇති බව විනිසුරු කරුණාරත්න වැඩිදුරටත් නිරීක්ෂණය කළේය.
කෙසේවෙතත්, වෙනම තීන්දුවක් නිකුත් කරමින් විනිසුරු එම්.ඒ.ආර්. මරිකාර් කියා සිටියේ, ගීතා කුමාරසිංහගේ නඩුවේදී තීරණය කළ පරිදි පෙත්සම්කරු රාජ්‍ය ඇමැතිවරියට එරෙහිව මූලික (at first view) නඩුවක් ඔප්පු කර ඇති බවයි.
රාජ්‍ය ඇමැතිවරිය සිය නාමයෝජනා පත්‍ර අත්සන් කරන අවස්ථාවේ, 2020 මහ මැතිවරණය පවත්වන අවස්ථාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ සහ ක්ෂණික අයදුම්පත්‍රයට අදාළ සෑම අවස්ථාවකදීම ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවූ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.
එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තවදුරටත් ධූරයේ කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart