
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු, මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන ධර්මසිරි කරුණාරත්නට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.
යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.
ඒ අනුව, මෙම විනිසුරු මඩුල්ල විසින් රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරමින්, එම දඩ මුදල අද දින සිට දින 90ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට ද නියෝග කෙරිණි.
වගඋත්තරකරු අදාළ චෝදනාවට වරද පිළිගැනීම නිසාත්, වගඋත්තරකරුගේ මානසික තත්ත්වය යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරු සඳහ කළහ.
අභියාචනාදීකරණ ලේඛනාගාරයේ නඩු ගොනුවක තිබූ ලේඛනයක් අනීතික ලෙස ලබාගෙන එය විනාශ කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබිණි.
ඊට අදාළව වගඋත්තරකරු ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක අධිකරණ ක්‍රියාදාමය විවේචනය කරමින් කරුණු දක්වා තිබූ බවත්, ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර තිබූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart