March 31, 2025

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයේ අනුබද්ධිත ලැයිස්තුගත සමාගම් ගණනාවක් 2024/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නව අතුරු ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගම් විසින් එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන මුදල් ලාභාංශයන් පහත පරිදි වේ.

HAYCARB PLC – රු. 1.60

SINGER (SRI LANKA) PLC – රු. 0.40

ALUMEX PLC – රු. 0.40

KELANI VALLEY PLANTATIONS PLC – රු. 2.60

HAYLEYS FABRIC PLC – රු. 0.35

TALAWAKELLE TEA ESTATES PLC – රු. 2.40

HORANA PLANTATIONS PLC – රු. 0.35

DIPPED PRODUCTS PLC – රු. 0.85

හේලීස් සමාගමේ ප්‍රමුඛතම කොටස්කරුවා වන්නේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ධම්මික පෙරේරාය.

හේලීස් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 51.01% ක් හෙවත් කොටස් 382,596,970 ක හිමිකාරීත්වය ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇත.(Ada Derana)