October 16, 2023

2050 වන විට සංවර්ධිත රටවල් කාබන් උදාසීන කිරීමකට වඩා කාබන් ඍණ බවට පත්කිරීමට ඉන්දියාව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බව වාර්තා වේ.

මේ වසර අගදී ඩුබායි හි පැවැත්වෙන COP28 දේශගුණ සමුළුවේදී ඉන්දියාව සිය යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

“සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට ඔවුන් සතුව පවතින ස්වභාවික සම්පත් භාවිත කිරීමට ඉඩ සලසන අතරම, 2050 වසර වන විට ගෝලීය ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරාගැනීමට ලොවට හැකි වන පරිදි ධනවත් රටවල් 2050ට පෙර ශුද්ධ සෘණ විමෝචකයන් බවට පත්විය යුතුය” යැයි එම යෝජනාවේ සඳහන් වන බව රජයේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ජපානය ඇතුළු සංවර්ධිත රටවල් 2050 වන විට සම්පුර්ණයෙන්ම ශූන්‍ය කිරීම ඉලක්ක කරයි.

චීනයද 2060 වන විට ශූන්‍ය මට්ටම වෙත කැපවී සිටින අතර ඉන්දියාව 2070 වන විට එම ඉලක්කය කරා ළඟා වීමට කැපවී සිටී.

ශුද්ධ ශුන්‍ය හෝ කාබන් උදාසීනත්වය යනු කිසියම් ක්‍රියාකාරකමක් හරහා වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමාන ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා අතිරේක ක්‍රියාකාරකමකින් හිලව් කිරීමයි.

42.31%
17.27%
32.76%