Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට මියන්මාරයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයන් පිරිස වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට චීන පාතාල කණ්ඩායම් සූදානම් වන බව වාර්තා වේ.
මෙම පිරිස සයිබර් අපරාධ සඳහා මෙලෙස බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටී.
තමන් ඇතුළු පිරිස වෙනත් තැනකට රැගෙන යෑමේ සුදානමක් ඇති බව එම තරුණ පිරිසේ සාමාජිකයන් කිහිපදෙනෙකු තහවුරු කර ඇත.
ඔවුන් දැනට රඳවාගෙන සිටින්නේ මියන්මාර – තායිලන්ත දේශසීමාවට තරමක් ආසන්න අපරාධ ක්‍රියා සඳහා කුප්‍රකට Myawaddi කලාපයේය.
දැනට මාස කිහිපයකට පෙර වාර්තා වූ පරිදි මෙම කලාපයේ රඳවා තබාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයන් ගණන 50කට වැඩිය.
තොරතුරු තාක්‍ෂණ ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු දී මෙම පුද්ගලයන් මියන්මාරයට ගෙන්වා ගෙන පසුව සයිබර් අපරාධ කිරීමට බලහත්කාරයෙන් යොදවා තිබේ.
මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ ස්ථාන තුනක රඳවා සිටින ඔවුන් මෙම සාපරාධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට බල කිරීම සඳහා විවිධ වධ හිංසාවලට ද ලක් කර ඇත.
මෙම පිරිස සම්බන්ධයෙන් හෙළිවීමත් සමග එහි සිටි ශ්‍රී ලාංකික තරුණයන් අට දෙනෙකු බේරාගැනීමට හැකිවිය.
තවත් 50 දෙනෙකු පමණ ස්ථාන දෙකක බලහත්කාරයෙන් රඳවා තබා සිටින බව වාර්තා වේ.
වාර්තා වන පරිදි ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණ Myawaddy සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් සිරකරගෙන සිටින අතර ඉතිරි පිරිස කිලෝමීටර් 26ක් ඈතින් පිහිටි ස්ථානයක රඳවා ඇත.
එලෙස රඳවාගෙන සිටි තරුණයන් කිහිපදෙනෙකු News 1st විසින් සම්බන්ධ කරගෙන තිබූ අතර එම පිරිස ඔවුන් වෙත ප්‍රකාශ කර ඇත්තේ දැනට රඳවාගෙන සිටින පිරිස කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑමට පාතාල කණ්ඩායම් සූදානම් වන බවයි.
දැනටමත් බොහෝ චීන සහ මියන්මාර ජාතිකයන් කණ්ඩායම් වශයෙන් ගෙන ගොස් ඇති බව ද ඔවුන් විසින් හෙළිකර තිබේ.
තත්ත්වය වඩාත් භයානක වනු ඇති බවට සැක කෙරෙන්නේ කාම්බෝජය හෝ තායිලන්තය වැනි ස්ථානවලට මෙම පිරිස රැගෙන යෑමට ඉඩ ඇති බව දන්වා තිබීම හේතුවෙනි.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් යුරෝපා රටවල සහ ඔස්ට්‍රේලියාවේ දැනුවත්භාවය වැඩි වීම හේතුවෙන් වංචා සඳහා පිරිස නතුකර ගැනීම දුෂ්කර වී ඇති බව රැඳවියන් වාර්තා කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස, දෛනික ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන ශ්‍රී ලාංකිකයන්ට පාතාල කණ්ඩායම් විසින් ලබාදෙන දඬුවම් වැඩි කර ඇති බව ද වාර්තා වේ.
“හෙට ඉඳන් අපිට දඩුවම් වැඩිකර තිබෙනවා. අලුත් ගනුදෙනුකරුවන්ගෙන් කප්පම් ගන්න බැරි වුණොත් දඬුවමක් ලෙස ස්කොට් 500ක් විතර කරන්න වෙනවා. හරියට කරේ නැත්නම් අපිට ගහන්න කම්බියක් එක්ක ලොකු කසයක් තියන් ඉන්නේ,” යනුවෙන් එක් තරුණයකු හෙළිකර තිබිණි.
අසනීප යැයි සඳහන් කරන ඕනෑම අයකුට විදුලි සැර වද්දන බව ද වාර්තා වේ.
“මේ දඬුවම් ලැබෙන්නේ විදේශිකයන්ට පමණයි, චීන රැඳවියන්ට ලැබෙන්නේ අඩු දඬුවම්. අපේ වැඩ මුරයට පෙරත් පසුත් අතිකාල වැඩ කරන්න ඕනෑ. අනාගතයේදී ඔවුන් අපට කුමක් කරයිදැයි අපට විශ්වාස නැහැ,” යනුවෙන් මියන්මාරයේ රඳවාගෙන සිටින තවත් ශ්‍රී ලාංකික තරුණයෙක් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart