November 22, 2024

විදුලි වාහන ගෙන්වීම සඳහා විදේශීය ශ්‍රමිකයන් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න හෙළිකර ඇත්තේ, සුදුසුකම් ඇති බොහෝ විදේශගත සේවකයන් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලියේදී නොසළකා හැර ඇති බවයි.

පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙලේ අඩුපාඩු පෙන්වා දෙන විගණන වාර්තාව, බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාරගේ සංකල්පයක් අනුව මෙම විද්‍යුත් වාහන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක විය.

42.31%
17.27%
32.76%