January 13, 2024

දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවල හෙට දිනයේ සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද දින දිවයිනේ සියලුම කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මු.පො.ප. ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් ලබාදී ඇත.

මේ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඇති විවෘත වරෙන්තු 35,505ක්, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 4258ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනකු සහ 2023 වර්ෂයේ 1678 දෙනකු වශයෙන් සැකකරුවන් 2485ක් ලෙස මුළු සැකකරුවන් 42,248 දෙනකු පිළිබද ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට යොමුකර තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුළ තම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර, ඉහත ලැයිස්තු 03ට අදාළ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පැය 24 පුරාම සියලුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%