Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් පොලිස් මහජන සහන දිනය තාවකාලිකව අත්හිටුවා තිබිණි.
ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණු හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් එහිදී පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම මහජන සහන දිනය තුළින් මහජනයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් සිදුවිය යුතු සේවය ප්‍රමාදයකින් තොරව සාධාරණව ඉටුකර දීම එහි අපේක්ෂාව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.
වැඩබලන පොලිස්පතිවරයාද සෑම සිකුරාදා දිනකම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර සෘජුවම මහජනතාවගේ පැමිණිලි පිළිබඳව පිළිතුරු ලබාදීමද එහිදී සිදුකෙරෙනු ඇති බවද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart