March 9, 2025

ක්‍රියාකාරී වරෙන්තුවක් තිබියදීත්, වැඩතහනමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණ කටයුතු මඟහැරීම දිගටම කරගෙන ගියහොත්, ඔහුගේ වත්කම් රාජසන්තක කිරීමට නීතිමය පියවර ගන්නා බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සූදානම් බවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ඒ වෙනුවෙන් භාවිත කළ හැකි බව නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.