April 21, 2025

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

මීට පෙර අත්අඩංගුවට ගැණුනු දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් අප්‍රේල් 10 වනදා ඇප ලබාදී තිබිණි.

ඇප ලබා අධිකරණ භූමියෙන් පිටව යමින් සිටියදී අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කළ බව කියන චෝදනාව මත මාතර මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට මෙන්ම පසුගිය අප්‍රේල් 10 වනදා ඔහුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට රැගෙන යාමට යොදාගත් මෝටර් රථයේ හිමිකරු ද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට කැඳවා ඇත.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පතිවරයා අධිකරණ නියෝග කඩ කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇතැයි වාර්තා වේ.