December 28, 2024

ආණ්ඩුවේ දේශපාලකයකු බව හඳුනාගෙන, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වාහනය මුදාහැරීමට ඉදිරිපත් වුවද, අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ මුදලක් ගෙවීමට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු අධික වේගයෙන් රිය පදවා හසුවීමේදී මෙම සිද්ධිය සිදුව තිබේ.

එම අවස්ථාවේ වාහනයේ සිටි නියෝජ්‍ය ඇමැති ගුණසේන දඩය ගෙවන බව කියාසිටිමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලුම පුරවැසියන් රටේ නීතියට අවනත විය යුතු බවයි.

42.31%
17.27%
32.76%