February 11, 2024

ශ්‍රී ලංකාවට සෑම දිනකම වෙනත් රටවල් මත යැපීමට නොහැකි බවත්, ජාතිය අභිමානයෙන් යුතුව නැගී සිටිය යුතු කාලය එළඹ ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

ඔහු එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවට සෑම දිනකම වෙනත් රටවලින් ණය ලබාගෙන ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය නොහැකියි. ජාතිය තනිවම නැඟී සිටිය යුතු කාලයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට මේ තත්ත්වය උදාකර දීමටයි.

මෙරට ජනතාව තම ජාතිය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගත යුතු කාලය පැමිණ තියෙනවා.

මේක මැතිවරණ වසරක්. අපිට ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඊට පස්සේ පළාත් සභා මැතිවරණත් පැවැත්වෙන අතරේ මහ මැතිවරණයත් එනවා. ජාතියේ ගමන තීරණය කළ යුත්තේ ජනතාවයි.

ජනතාව නිවැරදි තීරණ ගත යුතුයි. රට නිවැරැදි මාවතට ගෙන තිබෙනවා. වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජාතිය ස්ථාවර කළා.

තව අවුරුදු පහක් මේ රට පාලනය කළොත් මේ රටේ ජනතාවට විඳින්න පුළුවන් සහන මොනවද කියලා හිතලා බලන්න.”

42.31%
17.27%
32.76%