December 26, 2024

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා බුද්ධි තොරතුරු ලබා ගැනීමෙන් පසු රුවන්වැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත බොහෝ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට නොහැකි බව මෙහිදී නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල සඳහන් කළේය.

“අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ. අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

 

42.31%
17.27%
32.76%