Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණය මඟින් විකිණීම හා අන්සතු කිරීම තහනම් කර ඇති රුපියල් කෝටි 150කට අධික වටිනාකමකින් යුත් තම දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස පොලිසියෙන් නම්කර ඇති සිරිනාත පතිරණගේ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තා නීතිඥයන් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල ඉදිරියේ නීතිඥ ගාමිණි අල්විස් මහතා මෝසමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපළ විකිණීම හා පැවරීම තහනම් කරමින් නියෝගය ගෙන වසරකට වැඩි කලක් ගත වී ඇති බවයි.
ඒ අනුව මේ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කරන ලෙස දැනුම්දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, නඩුව ජූනි 27 දා තෙක් කල්තැබීය.
රේන්ජ් රෝවර් වර්ගයේ වාහන දෙකක්, BMW වාහන තුනක් සහ රුපියල් 20,679,650ක් වටිනා රන් ආභරණ ඇතුළු දේපළ මෙලෙස අත්හිටුවා ඇති බව අධිකරණයේදී කරුණු වාර්තාවිණි.
මේ සිද්ධියට අදාළව රුවන් චමිල යන අයට එරෙහිව රුපියල් 132,429,650ක් නීතිවිරෝධි අන්දමින් උපයා ශ්‍රී ලංකාවේ ආයෝජනය කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකරනු ලැබ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart