Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම ඊයේ දිනයේදීත් සිදුවී නොමැතිවීම හේතුවෙන් එය පොලිස් රාජකාරි මාලාවකට බලපෑම් එල්ලවන තත්ත්වයකට පැමිණ තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙහෙයුම් පිළිබඳ උපදෙස් ලබාදීම, ලේඛන අත්සන් කිරීම, ටෙන්ඩර් කැඳවීම ඇතුළු තවත් කාර්යයන් මාලාවකට පොලිස්පතිවරයාගේ හෝ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අවශ්‍ය වේ.
වාර්තාවන පරිදි පවතින තත්ත්වය සතියක පමණ කෙටි කාලයකට කළමනාකරණය කර ගත හැකි වුවද රාජකාරිය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන්ට ජනාධිපතිවරයාගෙන් හෝ රජයෙන් උපදෙස් අවශ්‍යව තිබේ.
පොලිස්පතිවරයකු හෝ වැඩබලන පොලිස්පතිවරයකු නොමැතිවීම හේතුවෙන් තත්ත්වය සංකීර්ණ වී ඇති අතර නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරද මේ වන විට පුරප්පාඩු වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පසුගිය සතියේ අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුර පුරප්පාඩු වී ඇත.
පොලිසියේ ඉහළ තනතුරු දෙකම පුරප්පාඩු වීම පෙර නොවූ විරූ දෙයක් බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart