October 16, 2024

ජාතික ආරක්ෂාව පිළිබඳ සැළකීමේදී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සිය ආරක්ෂෂක යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

“යුධ ගැටුම් නිසාවෙන් ඇති වන අහිතකර බලපෑම සහ එහි අමිහිරි මතකයන් අප සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක් තුළ ඇති සුවකිරීමේ බලය ද අත්දැක ඇත්තෙමු. ඔබ ඔබේ ඉදිරි ගමනේ මීළඟ අදියරට පා තබන විට, ජාතියක් ලෙස අප අපගේ අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ද ඔබ සමඟ ඉදිරි දිවියට අත්දැකීමක් කර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. එපමණක් නොව සාමයේ,ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳව ද අප කිසිදා අමතක නොකරමු”.

ඔක්තොබර්15 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂ්ක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින් ආරක්ෂනක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) එසේ ප්‍රකාශ කළේය.

උපාධි ප්‍රධානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම්වරයා සහභාගි විය.

ජාතික ආරක්ෂක විද්‍යාලය,ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය,ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨය,යුද හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලය,නාවික සහ සාගරික විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය යන අධ්‍යයන ආයතනවලින් මූලික උපාධි,පශ්චාත් උපාධි,මෙන්ම ආචාර්ය උපාධි පාඨමාලා සම්පූර්ණ කල ත්‍රිවිධ හමුදා නිලධාරීන්,ශිෂ්‍යභට නිලධාරීන්,දිවා විද්‍යාර්ථයන් ඇතුළු උපාධි අපේක්ෂකයන් 1,728 ක් මෙහිදී උපාධි ලබාගැනිණි.

42.31%
17.27%
32.76%