Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහනදායි නිවාස ණය ක්‍රමය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් බැංකු මගින් ලබාගත් ණය සඳහා ගෙවන පොලියෙන් තුනෙන් දෙකක් විදුලිබල මණ්ඩලය මගින් ගෙවා ඇති අතර ඒ සඳහා 2013 සිට 2023 දක්වා වැය කර ඇති මුදල රුපියල් කෝටි එක්දහස් හයසිය අසූවක් (1680ක්) යැයි විදුලිබල මණ්ඩලයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ අනාවරණය වී තිබේ.
මෙම ගෙවීම් කැබිනට් මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව විදුලිබල මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව සිදුකර තිබේ.
මෙලෙස සේවක සුඛ විහරණය සඳහා මණ්ඩලය වැය කර ඇත්තේ මහජනතාව විදුලි බිල සඳහා ගෙවන මුදල්ය.
විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතා රුසක් පිළිබඳව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී ඇත.
මේ අතර ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිදුව ඇති බවද අනාවරණ විය.
එම බලාගාරය සමඟ පවතින ගිවිසුම අවසන් වූ පසු ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිලදී ගැනීමට සලකා බැලීම සඳහා 2016 දී අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගෙන තිබේ.
ඒ අනුව එම බලාගාරය රුපියල් මිලියන 2370 කට තක්සේරු කර තිබූ අතර එහි හිමිකරුවන් රුපියල් මිලියන 2446 ක් අපේක්ෂා කර තිබිණි.
මිලියන 76 වෙනස හේතුවක් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම මාස 5ක් දක්වා කල්දමා ඇති අතර හදිසි මිලදී ගැනීම් සඳහා විශාල වශයෙන් මුදල් වැය කරමින් ගිවිසුම දීර්ඝ කරමින් සිටින බවද හෙළිදරව් විය.
විදුලිබල මණ්ඩලයේ දීමනා ලැයිස්තුවට ඇතුළත්ව නොමැති විවිධ දීමනා ලබා දීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැය කර ඇති මුදල රුපියල් මිලියන 507 කි.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart