Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික කාන්තාවක් ඕමානයේදී විවිධ වධහිංසාවලට ලක්ව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරියකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඕමානයේ රැකියාවක් ලබාගැනීමට අදාළ කාන්තාව යොමුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, එලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට සුචී ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවයි.
සැකකරුවන් එම කාන්තාවට සහ ඇයගේ වැඩිමහල් සොහොයුරියට ඩුබායි හි ආගන්තුක සත්කාරක රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති නමුත් ඒ වෙනුවට ඔවුන් ගෘහ සේවය සඳහා ඕමානයට යවා ඇතැයි අනාවරණ වී තිබේ.
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සහෝදරියන් දෙදෙනා සංචාරක වීසා මත විදේශගත කර පසුව නිසි රැකියාවක් නොමැතිව ඕමානයේ විවිධ ස්ථානවල සේවයේ යොදවා ඇති බවයි.
තම බාල නැගණිය පසුගිය 22 වැනිදා තමන් විඳි වධහිංසා හේතුවෙන් මියගිය බව වැඩිමහල් සහෝදරිය ඔවුන්ගේ මවට දැනුම් දී තිබේ.
මේ හේතුවෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart