![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Anura-Parinda-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඉකුත් දා මියගිය බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ අනන්‍යතාව මේ වනවිට හෙළි වී ඇති අතර ඇය Ebony McIntosh නමැත්තියක් බව වාර්තා වේ.
24 හැවිරිදි වියේ පසුවූ ඇය මෙරටට පැමිණ දින හතරක කාලයක් රැඳී සිටියදී හදිසියේ ඇතිවූ වමනය හා හුස්ම ගැනීමේ අපහසුවකින් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබිණි.
එම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ඇගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට රැඳීසිට තිබුණේ කොළඹ ප්‍රදේශයේ පිහිටි Miracle Colombo City ලැගුම්හලේය.
මරණයෙන් පසුව පරීක්ෂණ කටයුතු සඳහා එම ලැගුම්හල තාවකාලිකව වසාදමා තිබේ.
Ebony McIntosh සිටි ලැගුම්හලේ නැවතී සිටින ජර්මානු යුවලකට ද ඒ හා සමාන රෝග ලක්ෂණ මතුව තිබිණි.
අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ Ebony රැඳී සිටි කාමරයට අසල කාමරය ඇය අසනීප වීමට දින කිහිපයකට පෙර මකුණන් සඳහා ධූමකරණය කර ඇති බවයි.
කෙසේවෙතත් එය අදාළ බ්‍රිතාන්‍ය තරුණියගේ මරණයට හේතුව ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර මරණයට වෙනත් නිශ්චිත හේතුවක් ද අනාවරණ වී නොමැත.
Ebony McIntosh දේහය එරටට ගෙන්වා ගැනීමට සහ අවමංගල්‍ය වියදම් පියවා ගැනීම සඳහා GoFundMe නමින් අරමුදලක් පිහිටුවා ඇති අතර එමගින් පවුම් 22,000ක් රැස් කිරීමට බලාපොරොත්තු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart