August 3, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම තීරණය කර තිබේ.

කොළඹදී අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඒ බව සඳහන් කළේය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අලුත් කණ්ඩායමකට රට භාරදීමට අවශ්‍ය නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයන් ගණනාවක් සිටින බව එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේය.

ඔවුන් සමග එක්ව ඉදිරියට යා යුතු බව සිය කණ්ඩායමේ විශ්වාසය යැයි ද ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව තබා ගනිමින් වෙනම ඡන්ද ව්‍යාපාරයක් ක්‍රියාත්ම කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%