March 17, 2024

ඉන්දියාවේ අදියර හතකින් යුත් මහමැතිවරණය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන අතර එහි ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඉන්දියාවේ මැතිවරණ කොමිසම අද නවදිල්ලියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සති හයක ඡන්දයේ කාලසටහන ප්‍රකාශයට පත්කළේය.

මිලියන 970 කට ආසන්න ඡන්දදායකයන්, එනම් එක්සත් ජනපදයේ, යුරෝපීය සංගමයේ සහ රුසියාවේ සමස්ත ජනගහනයට වඩා, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

ඡන්ද විමසීම් මණ්ඩලයේ දත්තවලට අනුව, මෙවර මැතිවරණය ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය බවට පත්වනු ඇත.