
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී ඉකුත් දා ඩෑන් ප්‍රියසාද් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5.14ක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු ඊයේ පස්වරුවේ මීතොටමුල්ල බස් ඩිපෝව අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 28 හැවිරිදි අයෙකු බව ද පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකරමින් පවතින පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සැකකරු මෙම ඝාතනයට කුමන්ත්‍රණය කර ආධාර අනුබල ලබා දී ඇති බවයි.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ ඥාති නිවසකදී ඔහුව වෙඩිතබා ඝාතනය කර තිබුණේ ඉකුත් අඟහරුවාදා රාත්‍රියේදීයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart