April 22, 2025

කුප්‍රකට චරිතයක් වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක උඩු මහලක රැඳී සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ තවත් අයෙකු ද රෝහල් ගත කර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව සහ වැල්ලම්පිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි.