Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) රාත්රී බොරලැස්ගමුව, පැපිලියාන නිවෙසට ගිය ද ඔවුන් දෙදෙනා නිවසේ නොසිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංඩා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් කොටුව මහේස්ත්රාත් අධිකරණය ඩෙන චෝදනා ගොනුකර තිබිණි.
ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අධිකරණය හමුවේ පැවැසූ පරිගණක අපරාධ කොට්ඨාසය, දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඉකුත් 20 වැනිදා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් ද විරුද්ධ වන බව සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් එදින අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එසේ වුවත් දමිතා අබේරත්න යුවළ ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදුකර තිබූ ඉල්ලීමට අනුව ඊයේ (27) දිනය තෙක් කල්තැබීමට මහේස්ත්රාත්වරයා තීරණය කළේය.
ඒ අනුව පෙත්සම ඊයේ (27) කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා ප්රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් ප්රතික්ෂේප කළේය.
පෙත්සම්කාර දමිතා අබේරත්න විමර්ශන කටයුතු සඳහා පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟහැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් ආගාමික විගාමික පනතේ 45 (ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීමත් හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇපදීමට තමන්ට බලයක් නැතැයි අපේක්ෂිත ඇප අයැදුම් ප්රතික්ෂේප කරමින් මහෙස්ත්රාත්වරයා සඳහන් කළේය.
කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමේ අවදානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කාර යුවළ මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී නීතිඥ අජිත් පතිරණ කරුණු දක්වමින් ප්රසිද්ධ රංගන ශිල්පිනියක මෙන්ම දේශපාලනයේ නිරත වන්නියකවීම හේතුවෙන් දමිතා අබේරත්න අපකීර්තියක් කිරීමට මෙම පැමිණිල්ල කර ඇතැයි කීය.
කිසිදු සාධකයක් නොමැතිව තම සේවාදායකයන් රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ අරමුණින් අගාමික විගාමික පනත යටතේ කරුණු වාර්තා කර ඇතැයි ද, එම කරුණු දැක්වීම් වැරදි සහගත හෙයින් එම කොටස අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක් ගොනුකර ඇතැයි ද කී නීතිඥ අජිත් පතිරණ එම රිට් පෙත්සම් ලබන 2 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවත් කීය.
වගඋත්තරකාර රහස් පොලිස් නිලධාරින් කරුණු දක්වමින් වෙනත් නඩු සඳහා පෙත්සම්කාරිය ඇපමත සිටියදී මෙම සිද්ධියට අදාළ විමර්ශනය සඳහා ඇය දිගින් දිගටම සහාය දක්වා නැතැයි දැනුම් දී තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා අපේක්ෂිත ඇප අයැදුම් ප්රතික්ෂේප කළේය.
ඊයේ (27) ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලුම්පත මහේස්ත්රාත් තිළිණ ගමගේ ප්රතික්ෂේප කිරිමත් සමගම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම එම නිවස වෙත ගොස් තිබිණි.
ඔවුන් දෙදෙනා නිවෙසේ නොමැති බවත් දමිතා අබේරත්නගේ මව පමණක් නිවෙසේ සිට ඇති බවත් එනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවෙස ආසන්නයේ ඊයේ (27) රැඳී සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart