October 9, 2024

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඉදිරි මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිතය.

ඊට අදාළ නාමයෝජනා ලියකියවිලිවලට ඇය ඊයේ අත්සන් තැබුවාය.

මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්නගෙන් ජනමාධ්‍යය කළ විමසුමකදී ඇය පවසා ඇත්තේ, දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහමැතිවරණයට තරගවැදීමට තීරණය කළ බවයි.

ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කර තිබේ.

දමිතා අබේරත්න දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.

42.31%
17.27%
32.76%