42.31%
17.27%
32.76%
October 13, 2023

මේ වන විට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පස් බැම්මක් කඩාවැටී ඇත.

මෙලෙස පස් කඩාවැටීමට ලක්ව ඇත්තේ, පැරණි රජ මාලිගාව ඉදිරිපිට දිය අගල ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින පැති බැම්මට ඉහළින් වූ පස්වලින් පිරුණු කොටසකි.

ඊයේ (12) අලුයම් කාලයේ මෙම පස් කඩාවැටීම සිදුව ඇත .

මෙලෙස කඩාවැටී ඇත්තේ ඓතිහාසික රජ මාලිගාව ඉදිරිපස කොටසක් වන අතර, මේ හේතුවෙන් රජ මාලිගාව යම් අවදානම් තත්ත්වයකට පසුවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ස්ථානය නිරීක්ෂණය කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12 ) සිදුකර තිබේ .

මහනුවර විෂ්ණු දේවාලය ඉදිරිපිට දේව සංහිඳ ආසන්නයේ දිය අගලේ පැති බැම්මේ කොටසක් මෙයට වසරකට පමණ ඉහතදී කඩාවැටී ඇති අතර, එහි ඉදිකිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

එම ඉදිකිරීම සිදුකරන අතරතුරදීද පැති බැම්මේ මීටර් පහක පමණ කොටසක් මීට මාස හයකට ඉහතදී කඩාවැටීමට ලක්විය.

42.31%
17.27%
32.76%