June 21, 2024

ගෘහාශ්‍රිත බූරුවන්ගේ කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායී කිරි නිෂ්පාදන මෙන්ම සමේ රෝග සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයාබැලීමේ පරීක්ෂණයක් පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ක්‍රියාත්මක වේ.

පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, බූරු කිරිවල මේදය, ප්‍රෝටීන් හා කැසීන් ස්වල්පයක් සහ ලැක්ටෝස් මෙන්ම ප්‍රෝටීන්ද ඉහළ මට්ටමක පවතින අතර ලයිසොසයිම් වලින් පොහොසත් බවයි.

මෙම පරීක්ෂණය සිදුකිරීම සඳහා මන්නාරමේ සිට පිරිමි බූරුවන් තිදෙනකු සහ ගැහැණු බූරුවන් තිදෙනකු මෙන්ම බූරු පැටවකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙනවිත් ඇති බවද ඔහු පැවැසීය.

බූරු කිරිවල ඇති පෝෂණ ගුණය මව්කිරිවල ඇති පෝෂණ ගුණයට බොහෝදුරට සමාන බවත්, එය භාවිතයෙන් සකස් කරන චීස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් පර්යේෂණය සාර්ථක වී නිෂ්පාදනය කළ හැකි නම් අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීමට හැකියාව පවතින බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

කෙසේවෙතත් එමෙන්ම පේරාදෙණියට රැගෙන එන බූරුවකු දිනකට තණකොළ කිලෝ 5ක් පමණ ආහාරයට ගන්නා බවත්, එළදෙනකින් ලබාගත හැකි කිරි ප්‍රමාණයට සාපේක්ෂව දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණය ඉතා අඩු බවත් මහාචාර්යවරයා පවසයි.

මෙම ව්‍යාපෘතියට උපකාර කිරීමට කැමති අය වෙතොත් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වන ලෙස මහාචාර්ය දංගොල්ල ඉල්ලා සිටී.

42.31%
17.27%
32.76%