November 1, 2023

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට එරෙහිව තමන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසයි.

ඩයනා ගමගේට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළේය.

ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමැතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමින් වගඋත්තරකරුවන් කර තිබිණි.

42.31%
17.27%
32.76%