June 25, 2024

ශ්‍රී ලංකාව කුරුලු උණ රෝගයට මුහුණදීම සඳහා සූදානම්ව සිටින බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැළැක්වීමේ පියවර දැනටමත් ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ සම්බන්ධයෙන් විශේෂ මහජන සෞඛ්‍ය නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද කිසිදු සංචාරක සීමාවක් පනවා නොමැති අතර තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ද අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය කුරුලු උණ රෝගීන් හඳුනාගැනීම සඳහා රෝහල් 20ක දෛනික පරීක්ෂණ පවත්වයි.

H9, H7 සහ H5 කුරුළු උණ රෝගීන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය PCR පරීක්ෂණවලින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා අංශය සන්නද්ධ කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%