December 9, 2024

යුනෙස්කෝ හි 2003 සම්මුතිය යතේ සම්ප්‍රදායික කලා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ සම්මුතියේ ඇගයුම් මණ්ඩලයේ විශේෂඥයකු ලෙස ආචාර්ය බී. ඩී. නන්දදේව තේරී පත් විය.

පැරගුවායිසි හි පැවති එම කමිටු රැස්වීමේ 19 වැනි සැසිවාරයේදී මෙම පත්කර ගැනීම සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ සංස්කෘතික උරුමයන් පිළිබඳ වසර හතළිහකට අධික පළපුරුද්දක් ඇති කීර්තිමත් විද්වතෙක් වන ආචාර්ය නන්දදේව සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ සම්මුතියේ ඇගයීම් මණ්ඩලයේ වසර හතරක් දක්වා කාලයක් සේවය කරන බවයි.

සම්ප්‍රදායික කලා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ සම්මුතියේ අන්තර් රාජ්‍ය කමිටුවේ කටයුතු සහ ශිලා ලේඛන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුට පුළුල් දැනුමක් සහ පළපුරුද්දක් ඇත.

සම්ප්‍රදායික කලා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ සම්මුතියේ ඇගයීම් ආයතනය, රාජ්‍යයන් විසින් නම් කරන ලද විශේෂඥයන් හයදෙනෙකු සහ පිළිගත් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් හයදෙනෙකු ඇතුළුව සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වේ.

2003 සම්මුතිය යටතේ පිහිටුවන ලද සම්ප්‍රදායික කලා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ සම්මුතියේ ඇගයීම් ආයතනය, මුඛ සම්ප්‍රදායන්, රංග කලාව, සමාජ පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, උත්සව සිදුවීම්, සම්ප්‍රදායික ශිල්පීය ක්‍රම ඇතුළු ජීවන සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට දායක වේ.

මෙම කීර්තිමත් ආයතනයට ශ්‍රී ලංකා නියෝජිතයකු තේරී පත්වීමෙන් පිළිබිඹු වන්නේ යුනෙස්කෝවේ මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාව දක්වන ක්‍රියාකාරී දායකත්වය අන්තර්ජාතික ප්‍රජාවේ අගය කිරීමයි.

විදේශ දූත මණ්ඩලවල සහාය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යුනෙස්කෝ වෙත ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත පිරිස විසින් නිලවරණය සම්බන්ධීකරණය කරන ලදී.

මෙම තීරණාත්මක කාර්යයේ දී ළ සිය විශේෂඥභාවය තවදුරටත් තහවුරු කරමින් ලෝකයේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් එම ඇගයීම් මණ්ඩලයේ තීරණාත්මක කාර්යයට අර්ථවත් ලෙස දායක වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

42.31%
17.27%
32.76%