May 24, 2024

චෙක් ජනරජයේ ජනාධිපති Petr Pavel යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට ජනාධිපති කාර්යාලය පවසයි.

එහෙත් ජනාධිපතිවරයාට බරපතල තුවාල නොමැති බව බවත්, ඔහු වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ පසුවන බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ තත්ත්වය පිළිබඳ එම කාර්යාලය වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කර නොමැති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.

චෙක් ජනරජයේ පොලිසිය පැවසුවේ අනතුර සිදුවී ඇත්තේ මාර්ගයේ නොව සංවෘත ධාවන පථයක බවයි.

එබැවින් අනතුර පිළිබඳව විමර්ශනයක් සිදුනොකරන බව ද පොලීසිය පවසා ඇත.

62 හැවිරිදි වියේ පසුවන චෙක් ජනරජයේ ජනාධිපති Petr Pavel පාවෙල් මෝටර් බයිසිකල් වලට ඇති කැමැත්ත නිසාම ප්‍රසිද්ධියට පත්ව සිටී.

ඔහු දැනට වර්ගයේ BMW R1200 GS ධාවනය කරමින් සිටින බවට විශ්වාස කෙරේ.

ඔහුගේ විනෝදාංශය නිසා ඔහු කරදරයට පත් වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය වසරේ ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව යතුරු පැදියක් පැදවීම නිසා ඔහුට ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සිදුවිය.

හිටපු ඉහළ පෙළේ නේටෝ ජෙනරාල්වරයකු වන Pavel 2023 මාර්තු මාසයේදී චෙක් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් සති කිහිපයකට පසු ඔහු අසල්වැසි ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයට යතුරුපැදියකින් ගියේය.

ඊයේ සිදුවූ අනතුර චෙක් නායකයාට සිදු වූ මෑතකාලීන අනතුරයි.

ඉකුත් අප්‍රේල් මාසයේදී ඔහු වෙඩි තැබීමේ අවස්ථාවකදී ද තුවාල ලැබීය.

එහිදී ඔහුට ඇහිබැම අසල සුළු තුවාලයක් සිදුවූ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබිණි.