53.84%
19.85%
20.11%
August 18, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය (CWC) තීරණය කර තිබේ.

එම පක්ෂයේ ජාතික සභාව අද (18) මෙම තීරණයට එළැඹි බව ඇමැති ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කළේය.

මේ බව ප්‍රකාශ කෙරුණේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ඇමැති ජීවන් තොණ්ඩමන් අනාවරණය කළේ ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කළ බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේදී ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව ඇමැති ජීවන් තොණ්ඩමන් සඳහන් කළේය.

 

53.84%
19.85%
20.11%