42.31%
17.27%
32.76%
September 27, 2024

තීරුබදු නොගෙවා සහ වෙනත් භාණ්ඩ බව හඟවා මෙරට ගෙන්වීමට ගිය භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර නීතිවිරෝධී දුම්වැටි තොගයක් ද වන අතර එහි දුම්වැටි ලක්ෂ 41කට අධික ප්‍රමාණයක් තිබී ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 700කට අධික බවත් එම දුම්වැටි තොගය හසුකර ගැනීමට නොහැකි වූයේ නම් රජයට රුපියල් මිලියන 96කට ආසන්න බදු ආදායමක් අහිමි වීමට ඉඩ තිබූ බවත් ශ්‍රී ලංකා රේගුව පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය විසින් එම බහාලුම හසුකරගෙන තිබිණි.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ ඒකකය විසින් තවත් බහාලුම් 3ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

එක් බහාලුමක පාන්පිටි බව හඟවා ගෙන්වන්න ගිය උඳු පිටි ටොන් 17ක් තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එම උඳු පිටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 13කි.

ඊට අමතරව සූදුරු බව හඟවා සූදුරු සුළු ප්‍රමාණයක් සමග ගෙන්වා තිබු කහ කුඩු සහ කහ කැබලි ටොන් 19ක් තවත් බහාලුමක තිබු බව රේගුව සඳහන් කරයි.

එම තොගයේ වටිනාකම් රුපියල් මිලියන 14ක් වේ.

අනෙක් බහාලුමේ මඤ්ඤොක්කා පිටි මුවාවෙන් ගෙන්වා තිබූ උඳු පිටි මෙට්‍රික් ටොන් 8ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 10ක් බව ශ්‍රී ලංකා රේගුව කියයි.

42.31%
17.27%
32.76%