Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් සත්‍ය නොවන බව ආසියානු අන්තර්ජාල සන්ධානය(Asia Internet Coalition-AIC) ප්‍රකාශ කරයි.
තම සන්ධානය දායකත්වය ලබාදී ඇත්තේ නිර්මාණාත්මක සහයෝගීතාව වෙනුවෙන් පමණක් බවත්, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ලබාදීමට පෞද්ගලිකව කටයුතු කර නැති බවත් AIC ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ටිරාන් අලස් ඇමතිවරයා කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් AIC මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇති විය හැකි වර්ධනය සහ විදේශ සෘජු ආයෝජන අඩාල කරන බවත් AIC වැඩිදුරටත් සිය බිවෙදනයෙන් අවධාරණය කර ඇත.
“පනත් කෙටුම්පත ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්වීමට නම්, පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.” යැයි AIC සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart