Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත කිසිවිටෙකත් පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබුණු බව ශ්‍රී ලංකා කතෝලික සභාව අද ප්‍රකාශ කළේය.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් රංජිත් හිමිපාණන්ට පූර්ව අනතුරු ඇඟවීම් ලැබී ඇති බවට පළවන උපකල්පන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
කාදිනල් රංජිත් හිමිපාණන් 2019 වසරේ අප්‍රේල් 20 වැනි දින පාස්කු සැමරුමක් කළ බවට සහ 2019 වසරේ දෛවෝපගත දින පාස්කු දේව මෙහෙයට සහභාගි නොවූ බවට වන කතාවද අසත්‍යයක් බව ඔහු ප්‍රකාශ කළේය.
“කොළඹ අගරදගුරුතුමා සම්ප්‍රදායිකව සෙනසුරාදා රාත්‍රියේ පාස්කු දේව මෙහෙයට සහභාගී වන අතර පාස්කු ඉරිදා කිසිදු දේව මෙහෙයකට සහභාගී වන්නේ නැහැ,” යනුවෙන් ප්‍රනාන්දු පියතුමා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart