January 8, 2024

පක්ෂ මාරු කර පැමිණෙන්නන් පිළිගැනීමේදී සමගි ජනබලවේගයේ දැනට සිටින සාමාජිකයන් පැත්තකට නොදැමිය යුතු බව එහි සභාපති සරත් ෆොන්සේකා පවසයි.

එලෙස පැමිණෙන නවකයන්ට ඉඩ දීමේදී 2020 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත් වූ සමගි ජනබලවේගයේ දැනට සිටින මන්ත්‍රීවරුන්ට කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බව ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

“පක්ෂයේ ආධාරකරුවන් සමඟ කටයුතු කිරීමට පක්ෂ මාරු කර පැමිණෙන්නන්ට හැකි විය යුතුය. මෙය අත්‍යවශ්‍ය වන්නේ ඔවුන්ට පක්ෂ නායකයාට වඩා පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන් සමඟ සුහදව කටයුතු කිරීමට සිදුවන නිසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

පක්ෂ මාරුකර පැමිණි කිහිපදෙනෙකු පසුගිය දිනවල සමගි ජනබලවේගය සමග එක්වූ අතර ඔවුන්ගෙන් ඇතැමුන්ට ආසන සංවිධායක ධුර පවා පිරිනැමිණි.

42.31%
17.27%
32.76%