March 26, 2025

පසුගිය දින කිහිපය තුළ ගල්කිස්ස වෙරළ තීරයේ කිඹුලකු දැක ඇති අතර, එය ධීවරයන් සහ වෙරළට යන අය අතර භීතියක් ඇති කර තිබේ.

කිඹුලා ධීවර බෝට්ටුවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයට අනුව, පසුගිය දින කිහිපය තුළ ගල්කිස්ස වෙරළ තීරය අසල මුහුදේ කිඹුලන් වැඩි වී තිබේ.

මේ හේතුවෙන් සංචාරකයන් සහ ධීවරයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව සංගමය පවසන අතර, මෙම ගැටළුව සඳහා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.