
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි සේවකයන් ලෙස වර්ගීකරණය කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ උප නායිකා අනුෂ්කා සංජීවනී විසින් රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ඊයේ(28) කැඳවනු ලැබූ අතර එය අප්‍රේල් 03 වැනි දින අභියාචනාධිකරණය ඉදිරියේ සළකා බැලීමට නියමිත පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෙත්සම සමග සළකා බැලීමට ලැයිස්තුගත කරන ලදී.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය අවලංගු කරන ලෙස නොතීසියක් සහ එම දෙපාර්තමේන්තුවේ තීරණය අත්හිටුවීමට අතුරු නියෝගයක් ඉල්ලා පෙත්සම ගොනු කර තිබේ.
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා යන පෙත්සම්කරුවන් වෙනුවෙන් ගමිඳු කරුණාසේනගේ උපදෙස් මත ෂෙනාලි ඩයස් සහ සිදත් ගජයනක සමඟ නීතිඥ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න පෙනී සිටියේය.
සංජේ ෆොන්සේකාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, පසිඳු බණ්ඩාර සහ සජනා ද සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart