May 20, 2024

ආර්ථිකය පිළිබඳ පාරිභෝගිකයන්ගේ ශුභවාදී ප්‍රවණතා සංඥා කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයේ ක්‍රෙඩිට් කාඩ් ශේෂය පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසයේ දී සුළු වශයෙන් වෙනස් වීමක් පෙන්නුම් කර තිබේ.

පොලී අනුපාත ද මේ වන විට තනි ඉලක්කමක මට්ටම දක්වා පහත වැටී ඇත.

ණය කාඩ්පත් ශේෂය පෙබරවාරි මාසයේ රුපියල් බිලියන 148.7 සිට මාර්තු මාසයේදී රුපියල් මිලියන 62කින් පමණක් ඉහළ ගොස් තිබේ.

එහෙත් පළමු කාර්තුවේ තවමත් රුපියල් බිලියන 2.7ක හැකිළීමක් පෙන්නුම් කරයි.

ක්‍රෙඩිට් කාඩ් වියදම් මගින් පාරිභෝගික වියදම් පිළිබඳ සම්පූර්ණ චිත්‍රය පෙන්වන්නේ නැත.

කෙසේවෙතත් ජනතාව තම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා බැංකු විසින් පිරිනමනු ලබන දීමනා සහ වට්ටම් ප්‍රයෝජනයට ගනිමින් සංචාරවල වැඩි වශයෙන් නියැලෙන බැවින් ණය කාඩ්පත් ශේෂය දෙවැනි කාර්තුවේ සිට පහිදී වෙනසක් පෙන්නුම් කරනු ඇති බවට විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකාව තුළ තවමත් ක්‍රියාකාරී කාඩ්පත් මිලියන 1.9ක් පමණ පවතින අතර බොහෝ අය තවමත් මුදල් හරහා හෝ ඩිජිටල් ගෙවීම් හරහා ගනුදෙනු කිරීමට කැමැත්තක් දක්වන නිසා ක්‍රෙඩිට් කාඩ් ශේෂය සැබෑ පාරිභෝගික වියදම් පිළිබිඹු නොකරයි.

තවද කාඩ්පත් හරහා ගනුදෙනු කරන අය ඔවුන්ගේ ශේෂය එකතුවීමට පෙර ඔවුන්ගේ ණය චක්‍රය තුළ ගිණුම් පියවා ගනී.

මේ අතර, බැංකු ක්‍ෂේත්‍රයේ නව කාඩ්පත් එකතුව 1,911,616 දක්වා ගෙන එමින් මාර්තු මාසයේදී නව කාඩ්පත් 1,520ක් අනුමත කිරීමට බැංකු එක්ව සමත් වුවද, සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව 2023 මට්ටමට වඩා පළමු මාස තුන තුළ 5,469කින් අඩු වී තිබේ.