Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදෙස් රැකියා සඳහා අවශ්‍ය පාඨමාලා පවත්වන බව පවසමින් බම්බලපිටියේ වංචනික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය නොවැම්බර් 27 වැනිදා බම්බලපිටිය ලෝරිස් පාරේ පිහිටි ‘Evolve College of Education’ ආයතනයේ සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය විදේශ රැකියා සඳහා අවශ්‍ය ව්‍යාජ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා සහතික ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව රට පුරා විවිධ ප්‍රදේශවලින් සිසුන් ගෙන්වාගෙන, මාර්ගගත පන්ති පවත්වා, පාඨමාලාව අවසන් වීමෙන් පසු ව්‍යාජ ඩිප්ලෝමා සහතික ලබා දී ඇත.
නිසි දේශීය හෝ අන්තර්ජාතික ප්රමිතීන් අනුගමනය නොකර ආයතනය පවත්වාගෙන ගිය සැකකාරිය විසින් පාඨමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂයේ සිට රුපියල් 445,000 දක්වා ගාස්තු අයකර ඇත.
සැකකාරියට සහ එම ආයතනයට එරෙහිව පැමිණිලි 43ක් ලැබී ඇති අතර 1000කට අධික පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බවද පොලිසිය පවසයි.
එම අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart