January 3, 2024

Pashtun Tahafuz Movement (PTM) ප්‍රධානී මන්සෝර් පෂ්ටින් (Manzoor Pashteen) අධිකරණ භාරයට ගෙන ඇත.

ඔහුගේ රිමාන්ඩ් භාරය දීර්ඝ කරන ලෙස, පොලිසිය කළ ඉල්ලීම ඉස්ලාමාබාද්හි නඩු විභාගයෙන් ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව, ඔහුව අධිකරණභාරයේ තැබීමට නියෝග කළ බව, පාකිස්ථානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් (The Express Tribune) වාර්තා කරයි.

පසුගිය දෙසැම්බර් 04 වැනි දින පෂ්ටින්, චාමන් දිස්ත්‍රික්කයේ සිට ටර්බට් දිස්ත්‍රික්කයට ගමන් කරමින් සිටින අතරතුර අත්අඩංගුවට ගෙන ඇති බවද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තාව පවසයි.

ඔහුට බලුකිස්තානයට ඇතුළුවීම වැළැක්වීමේ තහනමක් පනවා තිබූ අතර, එය කඩකිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

2014දී ආරම්භ කළ Pashtun Tahafuz Movement (PTM) ආයතනය පකිස්ථානයේ යුද්ධයෙන් පීඩාවට පත් වූ පෂ්ටූන්වරුන්ගේ (Pashtuns) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ආයතනයක් වේ.

මන්සෝර් පෂ්ටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, ලොව පුරා PTM ක්‍රියාකාරීන් විරෝධතා සංවිධානය කර ඇති බවටද වාර්තා වේ.