Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ දූෂණ මර්දන ඒකකයට උපදෙස් දී තිබේ.
ඒ, මීට වසර හතරකට පෙර පැවති ලංකා ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියේ දී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව පවරා ඇති නඩුවට අදාළවයි.
අධිකරණ නියෝගයකට අනුව සැකකාර සේනානායකගේ හඬපට පිළිබඳ විමර්ශන අවසන් කර ඇති බව නිරීක්ෂණය කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ මර්දන ඒකකය මෝසමක් මඟින් ඉදිරිපත් කළ කරුණු පසුගිය සිකුරාදා(27) සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය විශ්‍රාමික රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දූෂණ මර්දන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් 2021 අගෝස්තු 14 වන දින අධිකරණයට මූලික කරුණු ඉදිරිපත් කර තිබිණි.
සැකකාර හිටපු ක්‍රීඩකයා 2020 ලංකා ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියේ දී තරග පාවාදීම සඳහා හිටපු ජාතික ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක නමැති තවත් ක්‍රීඩකයකුට රුපියල් මිලියන13 බැගින් ලබාදී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව ප්‍රධාන මහේස්ත්‍රාත් ගමගේ වෙත ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරමින් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් දන්වා තිබේ.
එය රටේ ක්‍රීඩා නීතියේ විධිවිධාන අනුව නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එබැවින් ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් සේනානායක වගකිව යුතු බවත් ඔවුන් සඳහන් කර තිබිණි.
සැකකාර සචිත්‍ර සේනානායක පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක වෙත ඉදිරිපත් කෙරිණි.
ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ අධිකරණය, නඩුවේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 4 වන දින එහි මීළඟ නඩු විභාගයේදී ගොනු කරන ලෙස දූෂණ මර්දන ඒකකය වෙත උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart