Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස රෝහල් බලධාරීන්ට නියෝග කරමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
ලොහාන් රත්වත්තේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම්දී ඇත.
ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනීසිටි හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අතුරු සහන සඳහා ඉදිරිපත් කර ඇති රිට් අයැදුම්පත පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේය.
කෙසේවෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න විරෝධතා මතුකරමින් කියාසිටියේ, මෙම පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනුකිරීමට අවශ්‍ය බවයි.
කරුණු සළකා බැලූ අධිකරණය සීමිත විරෝධතා නොවැම්බර් 29 වැනිදාට ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රිට් පෙත්සම දෙසැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබිණි.
ලොහාන් රත්වත්තේ විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනුකර තිබුණේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනය සම්බන්ධ එම නඩුවට අදාළව තමා ඇප මත මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart