November 14, 2023

ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩු දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද එම නඩුව විභාග කිරීමෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය විසින් මීට පෙර ලබාදුන් අතුරු නියෝගය යළි සළකා බලන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගොනුකළ මෝසමක් අද (14) විභාගයට ගැනිණි.

අදාළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස් පළකළේය.

42.31%
17.27%
32.76%