Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ ජූලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවන් ලෙස ඇතුළුවීමේ සිද්ධියේ ඇප මත මුදාහැර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ කාන්තාවන් තිදෙනකුගේ රුධිර සාම්පල ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා ලබන 21 වැනි රජයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (15) නියෝග කෙළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමු වූ සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාරියන් තිදෙනාට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදුකෙළේය.
මෙලෙස නියෝග නිකුත් කෙරුණේ දමිතා අබේරත්න, නෝනා මුරින් සහ සචිනි කෞශල්‍යා යන කාන්තාවන් තිදෙනාට වේ.
මේ නඩුවේ 17 වැනි සැකකරු ඇප මත මුදාහැර ඇති කොස්වතේ මහානාම හිමි සිවුරු හැර ඇති බවත්, ගිහි නම ගිහාන් දුමින්ද අමරසිරි ලෙස නඩු ගොනුවක් ඇතුළත් කරන ලෙසත්, පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඇප මත මුදාහැර ඇති 15 වැනි සැකකරු මංගල පුෂ්පකුමාර යන අයට අද දිනම මෝදර උතුර කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ පෙනීනොසිටි තුවාන් සෆ්රාස් යන අයටද වරෙන්තු නිකුත් කෙළේය.
මේ නඩුවේ ඇප මත මුදාහැර ඇති සැකකරුවන් වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා , දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සමරසිංහ, වසන්ත මුදලිගේජීවන්ත පීරිස් පියතුමා ඇතුළු සැකකරුවන් 41 දෙනෙක් අධිකරණයේ පෙනීසිටියේය.
නීතිපති උපදෙස් සඳහා ලබන ජූලි මස 26 වැනි දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ( 15) නියෝග කෙළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart