
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරීම ඉහළ ගොස් ඇති අතර මෙම රෝගී තත්ත්වය කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ JN.1 උප ප්‍රභේදයක් වියහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
කොවිඩ්හි මෙම JN.1 උපප්‍රභේදය ප්‍රථම වරට 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදයෙන් අනාවරණය වී ඇත.
ඉන්දියාවේ (කොචින්) ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ලක්ෂණ ඇති සියලුම රෝගීන්ගෙන් 30%ක් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ.
ඒ අනුව, වයස අවුරුදු 60ට වැඩි දුර්වල ප්‍රතිශක්තියක් සහිත පුද්ගලයන්ට සහ දුර්වල වාතාශ්‍රය ඇති, සංවෘත, ජනාකීර්ණ පරිසරයක සිටින පුද්ගලයන්ට මුහුණු ආවරණ පැළදීම වඩාත් ආරක්‍ෂිත බව මහාචාර්යවරයා පෙන්වාදෙයි.
JN.1 ප්‍රභේදයේ රෝග ලක්ෂණ ලෙස, උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකිවීම සහ වමනය ඇති වීම හදුනාගත හැකි ඇති අතර, එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉතා ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා
ගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
“අපි දන්නා දෙය නම්, කොවිඩ් සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවයි, මන්ද මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි අතර හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ඇති කළ හැකිය. නමුත්, මේ කොවිඩ් තත්ත්වය නිසා අපේ සෞඛ්‍ය පද්ධතිය අවදානමක නැහැ. රෝගීන් වැඩි වුවහොත් අපේ රටේ සෞඛ්‍ය අංශ ඊට සූදානම්” බව මහාචාර්ය ජීවන්දර වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart