Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවය හැර ගිය පරිගණක ඉංජිනේරුවරයකුට මාස දෙකක් වැටුප් ගෙවා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සමාගමේ දත්ත පද්ධති අංශයේ සේවයේ නිරතව සිට නොදන්වා සේවයට නොපැමිණි A/7 ශ්‍රේණියේ පද්ධති ඉංජිනේරුවරයකුට 2023 වසරේ අගෝස්තු මාසයේදී රුපියල් 175,000/= සහ සැප්තැම්බර් මාසයේදී රුපියල් 160,000/=පමණ මුදලක් වැටුප් සහ දීමනා ලෙස ඔහුගේ බැංකු ගිණුමට බැර කර ඇති බව වාර්තාවේ.
අදාළ සේවකයා දැනට වසර පහකට පමණ පෙර ස්ථිර සේවයට බඳවාගෙන ඇති අතර ඒ සඳහා වන අනිවාර්ය සේවා කාලයේ ගිවිසුම රුපියල් ලක්ෂ දහයක් පමණ වන බැඳුම්කරයකටද අත්සන් තබා ඇත.
එසේ අනිවාර්ය සේවා කාලයට ප්‍රථම සේවයෙන් ඉල්ලා අස්වීමට සමාගමේ පාලන අධිකාරිය වෙත ඔහු ලිපියක් යොමු කර ඇති අතර මෙම ගිවිසුම යටතේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් පැවතෙන ව්‍යවහාරික විගණනය හේතුවෙන් ඒ සඳහා පූර්ව අනුමැතිය ද ලබා නොදීමට තීරණය කර ඇති පසුබිමක ඔහු සේවයට වාර්තා නොකර සිට තිබේ.
ආයතනයේ පවතින චක්‍රලේඛනවල සඳහන් විධිවිධානවලට අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සේවකයන්ට බලපාන චක්‍රලේඛනවල කරුණු මත දත්ත පද්ධති අංශයේ කළමනාකරු විසින් ඔහු වෙත නීත්‍යනුකූලව සේවය හැර ගිය සේවකයකු සේ කටයුතු කිරීමට අවශ්‍ය ලිපි යොමු කර ඇති බවද සඳහන්ය.
එසේ තිබියදී ඔහු වෙත දත්ත පද්ධතියට ඇතුළු වීමේ මුරපදය දත්ත පද්ධති අංශයේ ඊට අදාළව කටයුතු කරන නිලධාරිනිය විසින් අවහිර නොකිරීම නිසා මෙම පද්ධති ඉංජිනේරුවරයා විසින් remote login ක්‍රමය යටතේ දත්ත පද්ධතියට ඇතුළු වී ඉන්ධන බෙදා හැරීමට අදාළ වන විශාල තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කරගෙන ඇති බවද වාර්තා වේ.
එසේම ආයතනයේ උසස් නිලධාරීන්ගේ පරිගණකවල ගබඩා කර ඇති තොරතුරුද මොහු විසින් ලබාගෙන ඇති බව ඉහළ කළමනාකාරිත්වයට අදාළ නිලධාරීන් විසින් පැමිණිලි කර ඇත.
එසේ තිබියදී මෙම පද්ධති ඉංජිනේරුවරයා සිනොපැක් ආයතනයේ ඉන්ධන බෙදාහැරීම ආශ්රිත සේවයට බඳවාගෙන එම ආයතනයේ සේවය කරන බව ආයතනයේ උසස් නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
රුපියල් 400,000/= පමණ මුදලක් ඔහුගේ ගිණුමට බැරවීම හේතුවෙන් වසර අවසාන ගිණුම් සකස්කර අවසන් කරන අවස්ථාවේ සමාගමේ මුදල් අංශයේ ගණකාධිකාරීවරුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
මුදල් අංශයේ වාර්තාවලට අනුව සමාගමේ සේවය හැරගිය සේවකයකුට අදාළ වන චක්‍රලේඛනවල පවතින නීතිරීති පෙන්වා දී තිබියදීම මානව සම්පත් කළමනාකරණ අංශයේ මානව සම්පත් කළමනාකරු විසින් ප්‍රධාන නීති නිලධාරීන්ගෙන් මෙම සේවය හැර ගිය සේවකයා සම්බන්ධයෙන් නීති පුරෝකථන ලබාගැනීමට යෑම හේතුවෙන් මෙම මුදල ඔහුගේ ගිණුමට බැර වී ඇති බවත් ,ඊට අදාළව කටයුතු කරන සහකාර මානව සම්පත් කළමනාකරණ තනතුරේ නිලධාරිනියකගේ පරිපාලනමය දුර්වලතා ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් වාර්තා වේ.
මැය මීට ඉහතදී ද පොලිස් නිලධාරියකු සේවයකට බඳවා ගැනීමේදී රාජ්‍ය පරිපාලන චක්රලේඛනයන්වල පෙන්වා දී ඇති කරුණු හා කොන්දේසි සැලකිල්ලට නොගෙන කටයුතු කර එසේ සේවයට බඳවාගත් සේවකයාට සේවයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ බවත් විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සඳහා විනයානුකූල පරීක්ෂණයක් පවත්වා ඇති එමගින් ඇය චෝදනා රාශියකට වරදකරු වී ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් වත්මන් චෝදනා සම්බන්ධයෙන් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය කිසිදු විනයානුකූල කටයුත්තක් මේ වනතුරු සිදුකර නොමැති බවට සේවකයෝ චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart