September 6, 2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැණිදෙනිය තොග ගබඩාවෙන් පෙට්‍රල් වෙනුවට ඩීසල් ඉන්ධන පිරවුම්හල් පහක පෙට්‍රල් ටැංකිවලට මුදාහැරීමෙන් එම ඉන්ධන පිරවුම්හල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

මේ හේතුවෙන් ගම්පොළ, ගැටඹේ, ගන්නොරුව, මහයියාව හා තැන්නේකුඹුර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසීරුතාවට මුහුණ දී ඇති බව ඛනිජ තෙල් සංස්ථා වාර්තා සදහන් කර ඇත.

මෙම ඉන්ධන පිරවුම්හල් වලින් රජයේ ආයතන සහ පොලිසිය ද ඉන්ධන ලබාගන්නා බැවින් පසුගිය හතරවැනිදා සිට රාජ්‍ය ආයතන සහ පොලීසිය ද දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තා වේ.

එම ඉන්ධන පිරවුම්හල් පහ මේ වනවිට පෙට්‍රල් බෙදාහැරීම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බවට ඉන්ධන පිරවුම්හල් අසල දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.