November 20, 2023

පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාවේ (කෝප්)හි සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනාගෙන් කෙනකු පත් කරන්නැයි විපක්ෂය කථානායකවරයාට යෝජනා කර ඇත.

කෝප් කමිටු වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටද විපක්ෂයේ අවධානය යොමුව තිබේ.

එම කරුණ පිළිබඳව සමගි ජන බලවේගය ද යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම කරුණ පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවත්වමින් පවතින බව ද විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙක් ප්‍රකාශ කළේය.

මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව මේ වනවිට බොහෝ චෝදනා ඉදිරිපත් වී ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කර, විපක්ෂයේ නියෝජිතයකු එම තනතුරට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර ඇත. (මව්බිම)